ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සඳහා තීරනාත්මක කොන්දේසියක් සපුරාලීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස පාකිස්ථානය චීනයෙන් ඩොලර් බිලියන 3.4ක ණය ගෙවීම් වසර දෙකකට කල් දමන ලෙස නිල වශයෙන් ඉල්ලා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.
2025 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත IMF සමාලෝචන සාකච්ඡාවට පෙර මෙම ණය නැවත සැලසුම් කිරීම සුරක්ෂිත කිරීමට අපොහොසත් වුවහොත් පාකිස්ථානයට අදාළ ණය වාරික ලබා දීම ප්‍රමාද වීමට හෝ ඩොලර් බිලියන 7ක වැඩසටහන අවලංගු කිරීමට පවා හේතු විය හැකි බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව පාකිස්ථානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඉෂාක් ඩාර් චීනයේ සංචාරයක නිරත වෙමින් මෙම ඉල්ලීම කර ඇතැයි සඳහන්.