පාකිස්ථානයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පාකිස්ථානයේ, බලුකිස්ථාන ප්‍රාන්තයේ දේශපාලන රැළියක් ඉලක්ක කර ගනිමිනුයි මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 30 දෙනෙකුට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවද සඳහන්.
බෝම්බ ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී දහස් ගණනක පිරිසක් එම දේශපාලන රැළියට එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ප්‍රහාරයේ වගකීම අයි.එස් ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබෙනවා.