මෙම වසරේ දී පාකිස්ථානයෙන් වාර්තා වූ පෝලියෝ රෝගීන් සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පෝලියෝ තුරන් කිරීම සඳහා වන ප්‍රාදේශීය විමර්ශන රසායනාගාරයේ නිලධාරියෙකු උපුටා දක්වන්නේ, මෙම නව රෝගියා වාර්තා වී ඇත්තේ සින්ද් හි ලර්කානා ප්‍රදේශයෙන් බවයි.
එලෙස පෝලියෝ රෝගියෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ මාස 54ක් වයසැති දැරියක් බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
2024 වසරේ දී පෝලියෝ රෝගීන් 74ක් වාර්තා වෙමින් පාකිස්ථානය තුළ පෝලියෝ වෛරසය නැවත හිස ඔසවමින් ඇති අතර එම රෝගීන්ගෙන් 27ක් බලොකිස්ථානයෙන් ද, 22ක් කේපී ප්‍රදේශයෙන් ද, 23ක් සින්ද් ප්‍රදේශයෙන් ද, පන්ජාබ් සහ ඉස්ලාමාබාද් ප්‍රදේශයෙන් එක් අයෙකු බැගින් වාර්තා වනවා.