පාකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පාකිස්ථාන ජාතික භූ විද්‍යා සමීක්ශණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 4.2 කින් යුක්ත වන බවයි.
භූ කම්පනයේ කේන්ද්‍රය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 180 ක් ගැඹුරින් පිහිටා ඇති බව සදහන්.
පාකිස්ථානයට ඊයේ දිනයේද ප්‍රභල භූ කම්පනයක් සිදු ඇති අතර එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 4.5ක්.
පාකිස්ථාන ජාතික භූ විද්‍යා මධ්‍යස්ථානය සදහන් කළේ මැයි මාසය තුල පමණක් පාකිස්ථානයේ භූ කම්පන 09 ක් වාර්තා වී ඇති බවයි.
මාසයක් තුල පාකිස්ථානයේ වාර්තා වූ වැඩිම භූ කම්පන ගණන මෙය වන බවයි එම මධ්‍යස්ථානය වැඩි දුරටත් නිවේදනය කළේ.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














