වසර ගණනාවක සිට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය වන Pakistan Inteational Airlines හි සියයට 75 ක කොටස් අයිතිය විකුණා දැමීමට පාකිස්ථාන රජය තීරණය කර තිබෙනවා.
පාකිස්ථානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමූහයක් වන අරිෆ් හබීබ් ගෲප්සමූහය විසින් මෙහෙයවනු ලබන සමූහ ව්‍යාපාරයක් මෙම මිලදී ගැනීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මෙම ගනුදෙනුවෙන් පසු ගුවන් සේවයේ සියයට 75 ක අයිතිය අරිෆ් හබීබ් සමූහයට හිමිවන අතර ඉතිරි සියයට 25 ක කොටස් රජය සන්තකයේ පවතිනු ඇති.
පාකිස්ථාන රජය මෙම තීරණය ගෙන ඇත්තේ එරට රජය සතු ආයතන දිගින් දිගටම ලබන පාඩු අවම කර ගැනීමට සහ රාජ්‍ය මූල්‍ය පීඩනය ලිහිල් කර ගැනීමටයි.
PIA ගුවන් සේවය වසර ගණනාවක සිට දැවැන්ත ණය බරකින්, අකාර්යක්ෂම කළමනාකරණයකින් සහ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් පීඩා විඳිමින් තිබුණා.













