පාකිස්ථානයේ ජනගහනයෙන් මිලියන 11 ක පිරිසක් සාගත තත්ත්වයකට ගොදුරු වීමේ අවදානමක සිටින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා.
එමෙන්ම එරට තුළ බොහෝ පිරිසක් මන්දපෝෂණයට ගොදුරු වී ඇති බවට ජගත් සංවිධානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර බලුකිස්තානය, සින්දා හා කයිබර් පක්හ්තුන්ක්වා යන ප්‍රදේශයන්හි ග්‍රාමීය දිස්ත්‍රික්ක 68 ක සියයට 22ක පිරිසක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයකට මුහුණ දී සිටින අතර මිලියන 1.7ක පිරිසක් හදිසි තත්ත්වයකට මුහුණ දී සිටින බවද අනාවරණ වී තිබෙනවා.