මේ දිනවල පාකිස්ථානයට බලපා ඇති මෝසම් වැසි හේතුවෙන් වාර්තා වන ආපදා හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 200 ඉක්මවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පසුගිය පැය 24 තුළ ද පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවලට අධික වැසි ඇද හැලී ඇති බවයි.
ඒ අනුව ගංවතුර ආශ්‍රිත අනතුරුවලට ලක්වීම හමුවේ ගතවූ පැය 24 දී පමණක් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ජාතික ආපදා කළමනාකරණ අධිකාරියට අනුව ගංවතුර ආපදා හේතුවෙන් ඉකුත් ජුනි 26 සිට මේ දක්වා මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 216 දක්වා ඉහළ ගොස් තිබෙනවා.