දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දීය ගීත තම ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීම, පාකිස්තාන රජය තහනම් කර තිබෙනවා.
පාකිස්තාන රූපවාහිනී නාලිකා ද පවසා ඇත්තේ ඉන්දීය ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ ගීත විකාශය කිරීම නැවැත්වීමට තමන් ද තීරණය කර ඇති බවයි.
මේ වනවිට ඉන්දීය සහ පාකිස්තාන හමුදා සෙබළුන් අතරේ කාශ්මීර දේශසීමාවේ වෙඩි හුවමාරු නොකඩවා සිදුවනවා.
කෙසේ වෙතත්එ ම වෙඩි හුවමාරුවලින් කිසිවකුටවත් අනතුරක් සිදුව නැහැ.