සංචාරක ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා .
එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් පමණක් දැවීගොස් රැස් කල ලකුණු සංඛ්‍යාව 299ක්
ඒ අනුව තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 300ක් .
එහිදී පාකිස්ථාන ඉනිමේ අංක 05 පිතිකරු ලෙස පිටියට පිවිසි සල්මන් අලි අගා විසින් විශිෂ්ඨ ශතකයක් රැස් කිරීමට සමත් වුණේ පන්දු 87ක් තුළ නොදැවී ලකුණු 105ක් රැස් කරමින්.
පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 54 කට කඩුලු 03ක් දවා ගනු ලැබුවා.













