සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45.2කදී සියලුම ක්‍රීඩකයින් දැවී ලකුණු 211ක් ලබාගැනීමට සමත් වූවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන් ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45.2කදී ලකුණු 211කට සියලුම දෙනා දැවී ගියා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දුන් සධීර සමරවික්‍රම ලකුණු 48කටත් කුසල් මෙන්ඩිස් ලකුණු 34කටත් දැවී ගියා.
පවන් රත්නායක ලකුණු 32ක්ද කමිල් මිෂාර ලකුණු 29ක්ද පැතුම් නිශ්ශංක ලකුණු 23ක්ද ලබාගැනීමට සමත් වූවා.
පන්දු යැවීමේදී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් මොහම්මඩ් වසීම් කඩුලු තුනක්ද හරිස් රවුෆ් සහ ෆයිසාල් අක්‍රම් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.
එසේම සහින් ෂා අෆ්රිඩි සහ සහ ෆහීම් අස්රෆ් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අද දිනයේදී නායකත්ව දරණ ලද්දේ කුසල් මෙන්ඩිස් විසිනි.
තරගය ජයග්‍රහණය සඳහා පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 212ක් ලබාගත යුතු වනවා.
මේ අතර පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ සහභාගි වන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 18 වනදා ආරම්භවීමට නියමිතයි.
එහිදී පළමු තරගය පාකිස්ථානය සහ සිම්බාබ්වේ අතර පාකිස්ථානයේ රාවල්පිණ්ඩි නුවරදී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.










