පාකිස්තාන රජයෙන් මානුෂීය අධාර තොගයක් මෙරටට ලබා දී තිබෙනවා.
විපතට පත් ජනතාවට ලබා දීමට පරිත්‍යාග කරන ලද මෙම අධාර අන්තර්ගත බහාලුම් තොගය විශේෂ නෞකාවක් මඟින් ශ්‍රී ලංකා වරායට ගෙන එනු ලැබුවා.
එම ආධාර තොගය අද ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් ෆාහීම් උල් අසීස් මහතා විසින් කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට භාර දී තිබෙනවා.
මෙහි අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක්, කිරිපිටි සහ ප්‍රතිශක්ති වර්ධක ආහාර වර්ග විශාල ප්‍රමාණයක් අඩංගු බවයි සඳහන් වන්නේ.
එමෙන්ම කූඩාරම්, බ්ලැන්කට්, මදුරු දැල් , ඇඳ ඇතිරිලි , ජල පොම්ප සහ තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් මෙන්ම විදුලිය නොමැති කඳවුරුවල හා නිවෙස්වල අවතැන් වී සිටින, ආපදාවට ලක්ව ඇති ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ආලෝක පහන් තොගයක් ද අන්තර්ගත වනවා.
මෙම මානුෂීය ආධාර භාර ගැනීම සදහා රජය වෙනුවෙන් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සමඟ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ද සහභාගී වී සිටියා











