පාකිස්තානය යුක්රේනය වෙත සිදුකරන අවි වෙළදාම ඉහළ දමා තිබෙනවා.
පකිස්තානය එලෙස යුක්රේනය වෙත අවි සපයනු ලබන්නේ ජර්මානු වරායකින් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර පකිස්ථානයේ කරච්චි වරායෙන් පිටත් කර යැවූ රොකට් තොගයක් රැගත් නෞකාවක් යුක්රේනයට ලගා වී ඇතැයි ද සදහන්.
යුක්රේනයට සිදු කරන අවි සැපයුම ඉහළ දමා සිටින පකිස්තානය, බොරතෙල් අඩු මුදලට දෙන ලෙස රුසියාවෙන් ඉල්ලා සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
පකිස්තානය පසුගිය මාසය තුළ යුක්රේනය වෙත අව් ආයුධ රැගත් බහාලුම් 146 ක් යොමු කර තිබෙනවා.
එලෙස පකිස්තානයෙන් යුක්රේනය වෙත යවනු ලබන අවි ආයුධ ඊට ආසන්නව ඇති යුරෝපා රටවල අවි ගබඩාවලට යොමු කර අනතුරුව ඒවා අවශ්‍යතාවය අනුව යුක්රේනය වෙත යොමු කරනු ලබනවා.