ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරදවා ලකුණු 41ක ජයග්‍රහණයක් ලබාගැනීමට පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ(17) සමත් වූවා.
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ එක්සත් අරාබි එමිර් ක්‍රිකට් කණ්ඩායම අතර තරගය නියමිත වේලාවට වඩා ප්‍රමාද වී තරගය ආරම්භ වූ අතර තරගය පැවැත්වුණේ රාත්‍රී තරගයක් ලෙසින් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්තාන කණ්ඩායමට අවස්ථාව ලබාදුන්නා.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිස පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 146ක් ලබාගැනීමට සමත් වූවා.
පන්දුවට පහරදීමේදී පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් Fakhar Zaman ලකුණු 50ක්ද නොදැවී පන්දුවට පහර දුන් Shaheen Shah Afridi ලකුණු 29ක්ද ලබාගැනීමට සමත් වූවා.
නායක Salman Agha ලකුණු 20කටත් Mohammad Haris ලකුණු 18ක් දැවී ගියා.
සෙසු කිසිදු ක්‍රීඩකයෙක් ලකුණු 10 සීමාව ඉක්මවා යාමට සමත් නොවූ අතර අතිරේක ලකුණු 13ක් ලබාගැනීමට සමත් වූවා.
පන්දු යැවීමේදී එක්සත් අරාබි එමිර් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Junaid Siddique කඩුලු හතරක් දවා ගැනීමට සමත් වූවා.
Simranjeet Singh කඩුලු තුනක්ද Dhruv Parashar එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වූවා.
ලකුණු 147ක ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවක් හඹා යාමට පිටියට පිවිසි එක්සත් අරාබි එමිර් ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 17.4කදී ලකුණු 105කට දවා ගැනීමට පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා.
එක්සත් අරාබි එමිර් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Rahul Chopra ලකුණු 35ක්ද Dhruv Parashar ලකුණු 20ක්ද නායක Muhammad Waseem ලකුණු 14ක්ද Alishan Sharafu ලකුණු 12ක්ද රැස් කර ගැනීමට සමත් වූවා.
සෙසු කිසිදු ක්‍රීඩකයෙක් ලකුණු 10 සීමාව පසුකර යාමට සමත් නොවූ අතර අතිරේක ලකුණු ලෙස ලකුණු 11ක් එක්වූවා.
පන්දු යැවීමේදී පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Shaheen Shah Afridi, Haris Rauf සහ Abrar Ahmed කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.
Saim Ayub සහ Salman Agha එක් කඩුල්ල බැගින් දවාගත්තා.
ඒ අනුව පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම තරගය ලකුණු 41කින් ජයග්‍රහණය කළ අතර තරගයේ වීරයා ලෙසින් ffff නම් කෙරුණා.
මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයක් වන ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර තරගය මෙරට වේලාවෙන් අද(18) පස්වරු 8ට ආරම්භ වීමට නියමිතයි.