ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සදහා නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
ඒ අනුව අදාළ ක්‍රමවේදය අවස්ථා 3 ක් යටතේ ක්‍රියාවට නංවන බවටයි ඒ මහතා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.
මේ අතර ප්ලාස්ටික් භාවිතය හැකිතාක් අවම කරමින් පරිසරයට සිදුවන හානිය ද අවම කර ගන්නා ලෙසටයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් අදහස් පළ කර සිටියේ.