ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් මහනුවරදී පවත්වා තිබුණා.
ඒ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් .
මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල අපනයනකරුවන් එක් කරමින් ප්‍රාදේශීය අපනයන හැකියාවන් වර්ධනය කිරීම සහ ජාතික අපනයන උපායමාර්ගය සඳහා අවශ්‍ය සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වුණා.
“කලාපීය අපනයනකරුවන්ගේ සංසදයක් පිහිටුවීම” ද මෙහිදී සිදුවුණා.
මෙමගින් ග්‍රාමීය නිෂ්පාදකයින්ට ජාත්‍යන්තර වෙළඳපොළ සම්බන්ධතා ලබාදීම, සැපයුම් දාම සංවර්ධනය කිරීම සහ වඩා සමානාත්මක අපනයන පද්ධතියක් පිහිටුවීම ප්‍රධාන අරමුණ වනවා.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සදහන් කළේ , අපනයනකරුවන් මුහුණ දෙන ගැටළු සඳහා ක්‍රමානුකූලව විසඳුම් ලබා දෙන බවයිත
ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට සියළුම මැදිහත්වීම් සිදු කරන බවද අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් සදහන් කළා..
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














