ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනි මහත්මිය ඇගයීමේ ‘ප්‍රණාම’ උලෙළ අද පැවැත්වුනා.
ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දී යි.
එහි දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 9 වන මැදිරිය නන්දා මාලිනී මැදිරිය ලෙස නම් කිරීමට පියවර ගෙන තිබුනා.
එහිදී ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ ඇයගේ ඡායාරූපයක් නිරාවරණය කිරීම ද සිදු කෙරුණා.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී තිබුණා.