මාර්තු මාසයේ පළමු සතිය තුළ පෘථිවි භූ තැටිවල ප්‍රබල චලනයන් සිදුවිය හැකි බව ඉරාකයේ බැග්ඩෑඩ් විශ්වවිද්‍යාලයේ, භූ විද්‍යාඥයෙකු අනතුරු අගවා තිබෙනවා.
ඔහු පවසන්නේ චන්ද්‍රයා, පෘථිවිය සහ අඟහරු ග්‍රහයා අතරට පැමිණීමත් සමග භූ තැටි මත ඇතිවන තෙරපීමෙන් ප්‍රබල භූකම්පන සිදුවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවයි .
මේ අතර යලිත් ඊයේ තුර්කියේ මලට්යා නගරය ආසන්නයේ රික්ටර් මාපාංක 5.6 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් හට ගෙන තිබුනා.
ඉන් එක් අයෙක් මිය ගොස් තවත් පුද්ගලයින් 110 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.