දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා .
බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් කුරුණෑගල පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් .
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටීනවා .