දිවයිනේ දිස්ත්‍රික්ක හයක ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පියවර තිබෙනවා.
විමසිලිමත්ව සිටින ලෙස අදියර 01 යටතේ නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීම අද(16) පස්වරු 4 සිට ක්‍රියාත්මක බවයි එම සංවිධානය පවසන්නේ.
මෙලෙස අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අගලවත්ත, වලල්ලාවිට, පාලින්දනුවර සහ බුලත්සිංහ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි.
එසේම මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දෙහිඕවිට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටද බලාත්මකයි.
අනතුරු ඇඟවීම බලාත්මක වන අනෙක් දිස්ත්‍රික්කය වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇහැළියගොඩ, පැල්මඩුල්ල, ඇලපාත, කලවාන, නිවිතිගල, අයගම සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි.