දිවුලපිටිය සහ මාවතගම යන ප්‍රදේශවලින් මෘත දේහයන් දෙකක් හමුව ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ දිවුලපිටිය, බලගල්ල ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ පුද්ගලයෙකු මියගොස් ඇති බවට දිවුලපිටිය පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ අනුව සිදු කරන ලද විමර්ශනයකදී මියගොස් සිටි අයෙකුගේ මෘතදේහයක් සොයා ගැනුණු බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු වයස අවුරුදු 26ක් වූ මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.
දිවුලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර මාවතගම, ගලපිටමුල්ල ප්‍රදේශයේ පිහිටි කොරසවැවේ සැකකටයුතු මෘත දේහයක් ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එහිදී හිඳගොල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 63ක් පමණ වූ පුද්ගලයෙකු මරණයට පත්ව තිබියදී සොයාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු දින කිහිපයකට පෙර අතුරුදන්ව ඇති බවට ඥාතීන් විසින් මාවතගම පොලිස් ස්ථානයට පැමිනිල්ලක්ද කර තිබෙනවා.
මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.