මට්ටක්කුලිය සහ පමුණුගම යන ප්‍රදේශවලින් නාඳුනන පුද්ගල මළ සිරුරු තුනක් සොයාගෙන ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(29) උදෑසන සහ සවස් කාලයේදී මට්ටක්කුලිය පොලිස් බලප්‍රදේශයේ කාක දූපත වෙරළ තීරයේ සහ කැළණිය ගඟ මෝය කට අසල නාඳුනන පිරිමි මෘත ශරීර දෙක්ක ඇති බවට මට්ටක්කුළිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරුණකරුවන්ගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.
මෘතදේහ කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මට්ටමක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
එසේම පමුණුගම එපාමුල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින දෙමහල් නිවසක පිටුපස ඇති ඉඩමේ නාඳුනන පිරිමි මෘත දේහය්ක ඇති බවට පොලිසිය වෙත තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ අනුව සිදු කරනු ලද විමර්ශනයකදී දෙමහල් නිවසක පිටුපස ඇති ඉඩමේ නාඳුනන පිරිමි මෘත ශරීරයක් ඇති බවට පමුනුගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශනයක් සිදු කර තිබෙනවා.
එහිදී පොලිසිය විසින් අදාළ නාඳුනන මළ සිරුර සොයාගෙන තිබෙනවා.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර කළු පැහැති සරමක් හා ලානිල් පැහැති අත්කොට කමීසයක් හැඳ සිට ඇති අතර වයස අවුරුදු 50ත් 60ත් අතර උස අඩි 05 අගල් 07ක් පමණ වන කෙට්ටු සිරුරක් බවයි පොලිසිය පවසන්නේ.
මෘත දේහය හදිසි මරණ පරීක්ෂණයෙන් පසු රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.





 


 






 
								