පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව 1 වන මට්ටමේ .පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත්තේ .
එම නිවේදනයට අනුව කොළඹ, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මෙම නාය යෑම් අනතුරු ඇඟවීම නිකුත්කර තිබෙනවා.