අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් පහත සඳහන් ප්‍රාදේශ වලට සපයන ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා.
ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ
මොරටුව, රාවතාවත්ත, සොයිසා පුර, රත්මලාන, ගල්කිස්ස දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව.
අඩු පිඩන තත්ත්වය යටතේ බත්තරමුල්ල ප්‍රාදේශයට ජල සැපයුම සිදුවනවා.
හෙට උදැසන 6.00 ට පෙර ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ.














