ප්‍රථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක් මේ වසර තුළ දී ආරම්භ කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඉදිරි වසර දෙකහමාර තුළ දිවයිනම ආවරණය වන පරිදි එම මධ්‍යස්ථාන ඉදිකරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සදහන් කළේ ප්‍රථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරිමේ ව්‍යාපෘතිය පිළිබඳ උපදේශන රැස්වීමට හා එක්දින වැඩමුළුවට එක්වෙමිනුයි.
ප්‍රථමික සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම තුළින් වාර්ෂිකව රුපියල් බිලියන 200කට වඩා අඩු මුදලකින් ඖෂධ හා ශල්‍ය අංශයන්හි ගැටලු විසඳීමට හැකිවනු ඇති බවට අමාත්‍යවරයා මෙහිදි විශ්වාසය පළ කළා.
ග්‍රාම නිලධාරී කොට්ඨාස 5ක් ආවරණය වන පරිදි කිලෝ මීටර තුනක් ඇතුලත ප්‍රදේශවාසීන්ට විනාඩි 20ක් තුළ ළඟා විය හැකි පරිදි මෙම මධ්‍යස්ථාන පිහිටුවීම අරමුණයි.