දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සදහා අවශ්‍ය ලැප්ටොප් පරිගණක ඇතුළු තොරතුරු තාක්ෂණික උපකරණ සහ සේවා මිලදී ගැනීමට සහ නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනයට රුපියල් මිලියනය බැගින් ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා.
ඒ ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරයට සමගාමීවයි.
රාජය සේවය තුළින් මහජනතාවට වඩා යහපත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා රජයේ සේවය නවීකරණය කිරීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාවක් වනවා.
තවද රාජ්‍ය සේවය නවීකරණය කිරීම කොළඹට පමණක් සීමා නොකර දිවයිනේ සියලුම ප්‍රදේශවල සමස්ත රාජ්‍ය ආයතන පද්ධතියම ක්‍රමයෙන් නවීකරණය කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා.
ඒ අනුව ප්‍රජා ශක්ති ව්‍යාපාරය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය පරිපාලන යාන්ත්‍රණය සඳහා රුපියල් මිලියන 369ක මුදලක් ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.
ප්‍රාදේශීය පරිපාලනයට ව්‍යාපෘතියකට සීමා නොකර සෘජු තොරතුරු තාක්ෂණ ධාරිතා සංවර්ධනයට මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලද ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














