ප්‍රංශ පාපැදි සවාරියේ කිරුළ හිමිකර ගැනීමට සෝලෝවේනියාවේ ටඩේජ් පොගාකර් සමත් වුණා.
ඒ ඔහු දිනාගත් සිව්වන ප්‍රංශ පාපැදි සවාරි කිරුළට හිමිකම් කියමින්.
සමස්ත තරගාවලියේ ජයග්‍රහනය සෝලෝවේනියාවේ ටඩේජ් පොගාකර් හිමිකර ගත් අතර තරගාවලියේ අවසන් අදියරේ ජය හිමිකර ගැනීමට බෙල්ජියමේ වවුට් වෑන් අර්ට් සමත් වුණා.
එම අදියර ජය ගැනීම සඳහා ඔහු ගතකළ කාලය පැය 3 යි විනාඩි 7 යි තත්පර 30 ක්.
එහිදි දෙවන ස්ථානය ඉතාලියේ ඩේවිඩ් බැල්රිනී දිනාගත් අතර තුන්වන ස්ථානය දිනාගත්තේ ස්ලෝවේනියාවේ මතේජ් මොහොරෙක් විසින්.