ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ජනාධිපති ආර්යා බ්‍රිජට් මැක්‍රොන් පෙබරවාරි 19 දක්වා දින හතරක ඉන්දියාවේ සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ මුම්බායි වෙත පැමිණ තිබෙනවා.
එලෙස පැමිණි ප්‍රංශ ජනපතිවරයා, අද දිනයේදී මුම්බායිහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවනු ඇති.
නායකයින් දෙදෙනා මුම්බායි හි ලෝක් භවන්හිදී ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගීවීමට පෙර අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමට නියමිතයි.
මෙම හමුව දෙරට අතර උපායමාර්ගික හවුල්කාරිත්වය තහවුරු කිරීම සහ එය නව සහ නැගී එන ක්ෂේත්‍රවලට විවිධාංගීකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ප්‍රංශ ජනාධිපතිවරයා කලාපීය සහ ගෝලීය වැදගත්කමක් ඇති ගැටළු පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා අතර ද්විපාර්ශ්වික උපායමාර්ගික හවුල්කාරිත්වයේ ප්‍රගතිය සමාලෝචනය කරනු ඇති.












