අත්අඩංගුවේ පසුවන තිළිණ සම්පත් නොහොත් වලස් කටා පොලිස් භාරයෙන් පැන යාමට උත්සාහ කිරීම හේතුවෙන් දෑත්වලට සහ දෙපාවලට හානි සිදුව ඇති බව වාර්තා වනවා.
වලස් කටා මේ වන විට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන්නේ දින 90ක රැඳවුම් නියෝගය මතයි.
සැකකරුට වැසිකිළි යාමට අවශ්‍ය බව ඊයේ රාත්‍රී 9.15ට පමණ පවසා තිබෙනවා.
එහිදී අත්මාංචු ගලවා නිලධාරීන් සිව් දෙනෙක් සමගින් සැකකරු වැසිකිළිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස වැසිකිළියට යන අතරතුරදී පොලිස් නිලධාරීන්ට පහරදී වලස් කටා තෙවන මහලින් බිමට පැන ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස පැනීම හේතුවෙන් සැකකරුගේ දෙමා කැඩි ඇති බවත් එක් අතක වැළමිට ප්‍රදේශයෙන් බිඳී ගොස් ඇති බවත් පොලිසිය පවසනවා.
තුවාල ලද සැකකරු දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියා සිටියා.