ලබන 6 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සියලු ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්රත්නායක මහතා කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ, එළැඹෙන නිහඬ කාලයේදී කිසිදු අපේක්ෂකයෙකුට පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදු කිරීමට අවස්ථාව හිමි නොවන බවයි.
එමෙන්ම පාලන ආයතන ඡන්ද විමසීමේදී පෞද්ගලික අංශයේ සේවකයින්ට නිවාඩු නිකුත් කිරීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛයක්ද මැතිවරණ කොමිසම නිකුත් කර තිබෙනවා.