පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් කඩිනමින් ස්ථිර කරන බව රජය පවසනවා.
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ඊට අදාළ තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති බවයි.
පළාත් පාලන ආයතනවල මේ වනවිට පුරප්පාඩු සංඛ්‍යාව 12,000 ක් පවතින අතර, එම පුරප්පාඩු පියවීම සඳහා අදාළ සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදෙන බව අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළා.
මේ වන විට පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් සංඛ්‍යාව 10,000ක් වනවා.
උණුසුම් පුවත්
- පොල් ආනයනය කිරීමට ආණ්ඩුවේ තීරණයක් නොමැති බව අමාත්‍ය චතුරංග කියයි
- කොළඹ කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්
- ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට දැඩිවෙයි
- ‘ලංකා සතොස‘ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි
- වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
- වාහනයක පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
- චීනයට නව කන්සියුලර් කාර්යාලයක්
- සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍ර සංවර්ධනයට අමෙරිකාවේ අඛණ්ඩ සහය