බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු – මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 30 ක 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
උණුසුම් පුවත්
- චීනයේ අලුතින් විවෘත කළ පාලමක කොටසක් කඩා වැටෙයි
- කොටහේන වෙඩි තැබීමේ සිද්දිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට
- අයවැයේ ණය ගැනීමේ සීමාව පහත හෙළීම නිවැරදි තීරණයක්
- අමෙරිකානු ප්‍රහාරක නෞකා කැරබියන් දූපතට
- විනෝද් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
- කවුඩාන මහජන ක්‍රීඩාංගනය නවීකරණය කරයි
- වල්ලාපට්ටා සමග 3 ක් මතුගමින් අත්අඩංගුවට
- දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ වැසි













