බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම සබරගමුව පළාතේත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර පනහක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන්. මේ අනුව වයඹ සහ උතුරු පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු-මැද, වයඹ, මධ්‍යම, දකුණු සහ සබරගමුව යන පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර 55 ක 60 ක පමණ තද සුළං ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර 40 ක 50 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද සඳහන්. තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.