පළමු ශේණියේ සහ 06 ශේණියේ සිසුන්ට අවශ්‍ය මොඩියුලර් මුද්‍රණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා සදහන් කළේ මොඩියුලර් සඳහා 2026 වර්ෂයේ 1 සහ 6 ශේණියේ පාසල් ගුරු පුහුණු වැඩසටහන් නොවැම්බර් මසයේදී අවසන් කරන බවයි .
ඒ මහතා මේ බව පැවසූවේ පාර්ලිමේන්තුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් සිදුකරන ලද සාකච්ඡාවකදීයි.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මේ වන විට ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන 80%ක් පමණ අවසන් කර ඇති බවයි.
සියලු පළාත් ආවරණය වන පරිදි ගුරුවරුන් පුහුණු කිරීම සඳහා මෙම පුහුණු කණ්ඩායම් න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව බිහි කිරීම මෙම වැඩසටහන මගින් සිදු කරන බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














