ජපානයේ පළමු අග්‍රාමාත්‍යවරිය බවට පත්වෙමින් එරට නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායිකා සනෙයි ටකයිචි අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වුණා.
ජපාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රි මණ්ඩලයේ ආසන 237ක හා ඉහළ මන්ත්‍රි මණ්ඩලයේ ආසන 125 ක බහුතර බලය හිමිකර ගැනීමට ඇය සමත් වුණා.
64 හැවිරිදි ටකයිචි ජපානයේ අයන් ලේඩි යන අන්වර්ථ නාමයෙන් ද හැදින්වෙනවා.
ජපානයේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා ඇය තරගවැදි 3 වන අවස්ථාව මෙයයි.
වසර 5 ක් තුළ ජපාන අග්‍රාමාත්‍ය ධුරයට පත්වු 4 වන පුද්ගලයා බවටද ඇය පත්වනවා.
ජපාන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හිටපු නායක ෂින්ෂෝ අබේගේ ප්‍රබල අනුගාමිකයෙකු ලෙසද ටකයිචි හැදින්විය හැකියි.
මැතිවරණ පරාජයක් හේතුවෙන් පසුගිය සැප්තැම්බර් 7 වන දින එරට අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කළා.
අනතුරුව මෙම මස 3 වනදා සනෙයි ටකයිචි නිදහස් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායකත්වයට තේරීපත්වුණා.
ඇයගේ නායකත්ව හේතුවෙන් ඔවුන්ට සහය ලබාදුන් කොමයිටෝ පක්ෂය සන්ධානයෙන් ඉවත්වුවද විපක්ෂයේ තවත් පක්ෂවල සහය ලබාගනිමින් බහුතරය තහවුරු කරගැනීමට ටකයිචි මේ වනවිට සමත්ව තිබෙනවා.