ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක සහ ලකුණු 242 කින් පරාජයට පත්වුණා.
තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 654ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කළා.
ඒ අනූව පිටියට පමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 165ක් පමණි.
ඒ අනූව නැවතත් දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 247 පමණයි.
මේ අනූව ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකුත් ලකුණු 242 කින් පළමු ටෙස්ට් තරගයෙන් පරාජයට පත්කරමින් ඕස්ට්‍රේලියාව තරග 1-0ක් ලෙස පෙරමුණේ සිටිනවා.