අද (04) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ
පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බවයි.
පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට දැන්ම සැලසුමක් නොමැති බවත් නව ප්‍රතිසංස්කරණවල බලපෑම සමග එය කිරීමට බලාපොරොත්තු වන බවත් එතුමිය එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.
කෙසේ වෙතත් ශිෂ්‍යත්වයේ තිබෙන පීඩනය අවම කිරීමට යම් පියවර ගන්නා බවත් එය 2028 හෝ 2029 වන විට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩි දුරටත් සඳහන් කළා.