තෙලිකඩ සහ දෙල්වල යන ප්‍රදේශවල පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා.
පොලිසිය පැවසුවේ තෙලිකඩ, රෙජ්ජිපුර ප්‍රදේශයේ නිවසක දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් එක් පුද්ගලයෙක් විසින් අනෙකාට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 62ක් වූ රෙජ්ජිපුර, බූස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ බීමත්ව ඇති වූ ආරවුලක් හේතුවෙන් ඥාති පුත්‍රයෙකු විසින් මරණකරුට පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි.
සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 44ක් පමණ වන බූස්ස ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තෙලිකඩ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
මේ අතර දෙල්වල ඇන්දානවත්ත බන්ට් එක පාර ප්‍රදේශයේදී පුරුෂයා විසින් තම බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව දෙල්වල පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 53ක් පමණ වූ ඇන්දානවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මරණයට පත්වූ කාන්තාව සහ ඇයගේ සැමියා අතර ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 55ක් පමණ වන මරණකාරියගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දෙල්වල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.