පහරකෑමට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබන එක්සත් ජාතික පක්ෂය නියෝජය කරමින් කොළඹ මහනගර සභාවට තේරී පත් වූ උළුවඩුගේ සඳමාලි මන්ත්රිවරියගේ සුවදුක් බැලීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද කොළඹ ජාතික රෝහලට ගොස් තිබුණා කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ මංගල සැසිවාරය සඳහා සඳමාලි මහත්මිය පසුගිය සඳුදා සහභාගිවීමෙන් අනතුරුව නිවස බලා යමින් සිටියදී නාදුනන පිරිසක් විසින් ඇයට මෙලෙස පහර දී තිබුණා. පහරකෑම හේතුවෙන් තුවාල ලැබූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා. මේ වන විටත් ඇය කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














