අද අළුයම් කාලයේ පස්සර පොලිස් වසමේ ආගරතැන්න ප්‍රදේශයේ පතලක පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක්වූ පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මියගිය පුද්ගලයා පතල් කැණීම් කටයුතුවල යෙදී සිටින අතරතුර මෙලෙස පස් කන්දක් කඩා වැටී මෙම අනතුර සිදුව ඇති බවටයි දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් පස්සර පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.