පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ඡන්ද විමසීමෙන් 12ට 9ක් ලෙස වැඩි ඡන්ද 3කින් සම්මත වූ බව එම සභාවේ සභාපති මංජුල සුලක්ෂන කරුණාරත්න මහතා පවසනවා.
මෙවර අයවැයේ අපේක්ෂිත ආදායම රුපියල් 224,080,020.40ක් වන අතර අපේක්ෂිත වියදම රුපියල් 212,763,048.00කි.
මෙහිදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා ස්වාධීන කණ්ඩායම අංක 2 (පාපන්දුව ලකුණ) සභිකයන් තිදෙනා, එක්සත් ජාතික පක්ෂයේ සභිකයා, ස්වාධීන කණ්ඩායම 01(පිත්ත ලකුණ) එක් මන්ත්‍රීවරයෙක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.
අයවැයට පක්ෂව සභාපති ඇතුළු ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 11 දෙනා, එක්සත් ජාතික සන්ධානය(තරාදිය) නාරායනසාමි පද්මනාදන් මන්ත්‍රීවරයා ඡන්දය භාවිත කළා.
ස්වාධීන කණ්ඩයම අංක 01 සාමිනාස් රොබින්සන් මන්ත්‍රීවරයා ස්වාධීනව සිටියා.
පස්බාගේ කෝරළේ සභාපතිවරයා තේරිමේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට මන්ත්‍රී ධුර 11 බැගින් සමානව තිබී සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් මෙම සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමි විය.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියා.













