‘පසම්’ සහ ‘ලතෝනි’ ගායනා ලෝක උරුමයක් බවට පත් කරන කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
කිතුණු ගායනා ශෛලියන් වන ‘පසම්’ සහ ‘ලතෝනි’ ගායනා ඇතුළත් ග්රන්ථයක් එළිදැක්වීම හා ඒවා අන්තර්ජාලය වෙත මුදා හැරීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරය මෙම අදහස් පල කලා.
එසේම ‘පසම්’ හා ‘ලතෝනි’ ගායනා ක්‍රිස්තියානි දහම් පාසල් විෂයය නිර්දේශයට එකතු කර ඉදිරි පරම්පරාව වෙත පවරාදීමට ද කටයුතු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කලේ.