අස්වැසුම සමාජ සුභසාධන ප්රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ප්රතිලාභ පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා .
2002 අංක 24 දරණ සුභසාධක ප්රතිලාභ පනතේ විධිවිධාන අනුව සුභසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයක් පිළියෙල කොට ක්‍රියාත්මක කිරීම පිණිස 2023-4-17 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇති බවද සදහන්.
ඒ අනුව අස්වැසුම සමාජ සුභසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ප්රතිලාභ ලබන පවුල් අවුරුදු තුනක් ඇතුළත ආර්ථික සමාජය හා මානසික වශයෙන් සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා .