රත්නපුර ලෙල්ලොපිටිය වැළිමලුව ප්‍රදේශයේ පිහිටි ස්ප්‍රිං විව් නමැති පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක අද(23) අලුයම් කාලයේදී ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න තේ කර්මාන්ත ශාලාව පුරාම පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාවට අයත් ලොරි රථ පහක්ද විනාශ වී තිබෙනවා.
මේ අතර මෙම තේ කර්මාන්ත ශාලාව ඇමතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියගේ පවුලට අයත් එකක් බවයි වාර්තා වන්නේ.
ගින්න හේතුවෙන් තේ කර්මාන්ත ශාලාවට ද දැඩි අලාභ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.










