Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පරිසර ගැටලු විසඳීමට පොලිසිය පෙරට

    පරිසර ගැටලු විසඳීමට පොලිසිය පෙරට

    2024-04-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පරිසර ගැටලු විසඳීමට ශ්‍රී ලංකා පොලීසිය සමඟ ඒකාබද්ධව නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව, එහි මූලික සාකච්ඡාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසියේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ දී පසුගියදා (03) පැවැත්විණි.

    පාරිසරික ගැටලු කඩිනමින් විසඳීම සහ පරිසර හානි සිදු නොකිරීමට මහජනතාව පෙළඹවීම මගින් ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතභාවය තවදුරටත් තහවුරු කිරීම මෙම නව වැඩසටහනෙහි අරමුණයි.

    ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පරිසරයට හානිකර කටයුත්තක් සිදුවන අවස්ථාවක මධ්‍යම පරිසර අධිකාරියට ශ්‍රී ලංකා පොලීසිය සමඟ ඒකාබද්ධව ක්‍ෂණිකව ක්‍රියා කළ හැකි වැඩපිළිවෙළක් සැකසීමට අවශ්‍ය ප්‍රධාන කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය. ඒ අනුව, මූලික අදියරේ දී ප්‍රධාන වශයෙන් ප්‍රජා ඝෝෂා පාලනය; වාහන දුම් පරීක්ෂාව; වාහන නලා ශබ්ද පාලනය; පොලිතීන් මිශ්‍ර කසළ විවෘත පරිසරයේ පිළිස්සීම; නීතියෙන් තහනම් කළ පොලිතීන් වැටලීම්; කැලි කසළ ජල මාර්ග හා තෙත්බිම් ඇතුළු පරිසරයට මුදා හැරීම; සහ නීති විරෝධී කැණීම් හා ගොඩකිරීම් සම්බන්ධ කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතය.

    මෙම වැඩපිළිවෙළට ශ්‍රී ලංකා පොලීසියේ සහය උපරිමයෙන් ලබාදීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙහි දී ප්‍රකාශ කළේය. මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව සිදුකිරීමට නියමිත මෙම වැඩසටහන ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් මේ සියලු ක්‍රියාමාර්ග ගනු ලබන්නේ කිසිවකු අපහසුතාවට පත් කිරීමට නොව තිරසර පාරිසරික සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා මෙහි දී වැඩිදුරටත් පැවසුවේය.

    ආශ්‍රීත පුවත්:  මහ ඡන්දයේදිත් වියදම් සීමා කෙරේ
    Sri Lanka
    පෙර පුව​තත්‍රිවිධ හමුදාවට පොදු සමාව තවදුරටත්
    ඊළඟ පුව​ත උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා වැඩි වෙයිද?

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group