පරිසර සංරක්ෂණය මෙන්ම සැමට පරිසර යුක්තිය උදෙසා කටයුතු කරන ජාතිකමට්ටමේ පරිසර ආයතනයක් වන පරිසර යුක්ති කේන්ද්‍රයමගින් ප්‍රකාශිත“පරිසරය, නීතිය සහ ඔබ” ග්‍රන්ථය ශ්‍රී ලංකා පොලීසියේ සෑම පොලිස් ස්ථානයකටම ලබා දී තිබෙනවා.
ඒ වැඩබලන පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන්..
ශ්‍රී ලංකාවේ පරිසර නීතිය සම්බන්ධයෙන් සිංහල හා දෙමළ මාධ්‍යයන්ගෙන් මුද්‍රිත මෙම ග්‍රන්ථය පොලිස් රාජකාරී කටයුතු වලදී බෙහෙවින් ඵලදායී ග්‍රන්ථයක් වන බවයි සදහන් වන්නේ.
ජාත්‍යන්තර පොලිස් සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ නිසි අධීක්ෂණය හා මගපෙන්වීම මත මෙම ග්‍රන්ථය දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම බෙදා හැරීමට කටයුතු යොදා තිබුණා.
ජාත්‍යන්තර පොලිස් සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඒකාබද්ධව මීට සමගාමී දැනුම්වත් කිරීමේ වැඩසටහන් රාශියක් ද ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
- අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
- මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට
- නුවරඑළිය තැපැල් කාර්යාලයෙන් සංචාරකයන්ට අමතක නොවන තිළිණයක්
- යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි













