ගුල්ලන් සහිත, පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු කිලෝ 3,000 ක් වෙළඳපළට නිකුත් කිරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් පෑලියගොඩ ගබඩා භාරකරුවෙකුට රුපියල් 20,000 ක දඩයක් නියම කර තිබෙනවා.
ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සජීවනී පතිරාජ මහත්මිය විසින්.
එමෙන්ම අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කරමින් එම පරිප්පු තොගය අධිකරණ නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ විනාශ කරන ලෙසත් නියෝග කළා.
පෑලියගොඩ ගබඩාවක භාරකරුවෙකු වන වේලු අත්පුදරාජ් නැමැත්තෙකුට අධිකරණයෙන් එසේ දඩ නියම කෙරුණා.