දිවයින පුරා රෝහල් රැසක මේ වන විට දැඩි ඖෂධ හිඟියක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, ප්‍රතිජීවක මෙන්ම වේදනා නාශක ඖෂධ මෙන්ම ඉන්සියුලින්වල දැඩි හිඟයක් පවතින බවයි.
මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගමින් හෙට දිනයේ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.
ඒ අනුව හෙට පෙරවරු අටට වර්ජනය ආරම්භ කිරීමට නියමිත අතර, වර්ජනයේ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා, රාජ්‍ය සේවා කොමිසම සහ රජය භාර ගත යුතු බවද රවී කුමුදේශ් මහතා පෙන්වා දෙනවා.
අදාළ ගැටලු සම්බන්ධයෙන් පසුගිය මාස දෙකක පමණ කාලයක සිට සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටිය ද, සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අවස්ථාව ලබා නොදුන් බවත්, ඔවුන් මේ සඳහා කිසිදු මැදිහත්වීමක් සිදු නොකළ බැවින් මෙලෙස වර්ජනයකට යෑමට සිදුවු බවත්, ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.