පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට කඩිනමින් පියවර ගන්න ලෙස විවිධ ව්‍යාපාරවල නිරතවන ව්‍යවසායකයින් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. රට තුළ ඇති වු ආර්ථික අර්බුදයත් සමඟ ව්‍යාපාර කඩා වැටීම හේතුවෙන් ණය ගෙවා ගැනීමට අසමත්වන කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ දේපොළ බැංකු වෙත පවරා ගැනීමට හැකි පරාටේ නීතිය තාවකාලිකව බල රහිත කිරීමට පැවති රජය සහ වත්මන් රජයද අවස්ථා කිහිපයදී පියවර ගනු ලැබුවා. ඒ සඳහා ලබා දී තිබු සහන කාලය පසුගිය 30 වැනිදායින් අවසන් වූ අතර, ණය ගෙවීම් පැහැර හරින ව්‍යාපාරිකයින්ගේ දේපොළ පවරා ගැනීමේ බලය මේ වන විට බැංකු වෙත හිමිව තිබෙනවා. කෙසේ වෙතත් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පවසන්නේ එම කාලය තවදුරටත් දීර්ඝ කරන ලෙස රජයෙන් ඉල්ලීම් කළද ඊට සාධනීය පිළිතුරක් නොලැබුණු බවයි. ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පෙරේදා දිනයේදී පැවති අතර, එම සාකච්ඡාවට රාජ්‍ය සහ වානිජ බැංකු නියෝජිතයින් සහ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් එක්ව තිබුණා.
උණුසුම් පුවත්
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විධායක සහ මධ්‍යම කාරක සභාවක් කැදවයි
- 20-20 සංචිතයට පවන් රත්නායක කැඳවයි
- පොලිස් මෙහෙයුම්වලින් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට
- නිදහස් අධ්‍යාපනය ආරක්ශා කළ යුතුයි
- මත්ද්‍රව්‍යවලින් තොර කලාප පිහිටුවීමට අදාළ චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට නියමිතයි
- මධ්‍යධරණී මුහුදේදී බෝට්ටු දෙකක් පෙරළී සිව් දෙනෙකු ජීවිතක්ෂයට
- මක්කම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරට ලක්වී 42 ක් මරුට
- කොංගෝ ජනරජයේ තඹ පතලක සිදුවූ අනතුරකින් කම්කරුවන් 32නෙකු ජිවිතක්ෂයට













