සමෘද්ධි සංශෝධන පනත් කෙටුම්පතට සහ රබර් පාලන සංශෝධන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ සහතිකය හිමිව තිබෙනවා.
2013 අංක 1 දරන සමෘද්ධි පනත සංශෝධනය කිරීම සඳහා 2025 ජුනි 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
මෙම පනත මූල්‍ය ආයතනයවල මූල්‍ය අධීක්ෂණය වැඩිදියුණු කිරීම කෙරෙහි සහ මූල්‍ය ආයතන තුළ වගවීම ශක්තිමත් කිරීමට ප්‍රතිපාදන සපයනු ලබනවා.
එමෙන්ම 1956 අංක 11 දරන රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා වූ රබර් පාලන සංශෝධන පනත් කෙටුම්පතට දැනට පවතින ”පාලක” සහ ”රබර් පාලක” යන තනතුරු නාමය වෙනුවට ”අධ්‍යක්ෂ-ජනරාල්” යන තනතුරු නාමය ආදේශ කර තිබෙනවා.
ඒ අනුව රබර් සංවර්ධන ක්ෂේත්‍රයේ පාලනය අධ්‍යක්ෂ-ජනරාල් තනතුරක් යටතට ගෙන ඒමට ඒ තුනිල් ප්‍රතිපාදන සැලසෙනු ඇති.
ඒ අනුව, මෙම පනත් කෙටුම්පත් ද්විත්වය 2025 අංක 15 දරන සමෘද්ධි සංශෝධන පනත සහ 2025 අංක 16 දරන රබර් පාලන සංශෝදන පනත ලෙස බලාත්මක වනවා.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














