අයවැයෙන් වැටුප් වැඩිවීම පිළිබද ඇතැම් පිරිස් හිතාමතාම වැරදි අර්ථකතන සපයන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
අදාළ වැටුප් වැඩිකිරීම හමුවේ රාජ්‍ය සේවයේ පහළම ස්ථරයේ සිටින PL 1 කාණ්ඩයේ අවම වැටුප රු 5,975කින් ඉහළ යනු ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
අද විවාදය ආරම්භ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතායි.